කථානායක කරු ජයසූරිය සහ ඉන්දීය විදේශ ඇමතිනී සුශ්මා ස්වරාජ් අතර හමුවක්

ඉන්දීය පාර්ලිමේන්තුවේ විශේෂ ඇරයුම පරිදි එරට සංචාරයක නිරතව සිටින කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලාංකික ධූත පිරිස අද පෙරවරුවේ ඉන්දීය විදේශ ඇමතිනී සුශ්මා ස්වරාජ් මහත්මිය හමුවූහ.

එහිදී ඉන්දීය විදේශ ඇමතිනිය සහ ශ්‍රී ලංකා කථානායකවරයා අතර ක්ෂේත්‍රයන් ගණනාවක් සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.

මෑත කාලීනව රට තුළ තොරතුරු දැනගැනීම අධිකරණ ස්වාධීනත්වය වැනි කරුණු කෙරෙහි ප්‍රසාදය පළකල ඉන්දීය විදේශ ඇමතිනිය ශ්‍රී ලංකාවේ සමබර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිය ද අගය කළාය.

Exit mobile version