අලම්පිල් මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් මිණිමුතු මෝරේකු බේරා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මුලතිව්, අලම්පිල් වෙරළ තීරයට ගොඩගසා සිටි මිණිමුතු මෝරේකු බේරා ගෙන දියඹට මුදා හැරිමට කටයුතු කර ඇත.

මෝර පවුලට අයත් විශාලතම විශේෂයක් වන මොහු සාමාන්‍ය‍යෙන් කිලෝ ග්‍රැම් 9000 ක් පමණ බරින් යුතු හා දිගින් මීටර් 9 පමණ විශාලව වැඩෙන මෝර විශේෂයකි.

ම‌ෙම මෝර විශේෂය සාමාන්‍යයෙන් වසර 70- 100 ක් පමණ ජීවත් ව‌ෙ‌යි.

ශ්‍රී ලංකාවේදි මෙම මෝරා ඇල්ලීම තහනම් කර ඇත.

Exit mobile version