ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණය කරයි

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනරත්න මහතා පවසයි.

ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. සෞඛ්‍ය පර්යේෂණ, නියාමනය, සම්බන්ධීකරණය, අධීක්ෂණය, සංවර්ධනය සහ කළමණාකරණය කිරිම සදහා ජාතික මට්ටමේ සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.

Exit mobile version