රුපියල් ලක්ෂ දහයකට වඩා වැඩි වටිනාකමකි යුත් ගංජා හේනක් පොලිසිය වටලයි

හම්බෙගමුව පොලිසිය විසින් හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධීව වගා කර තිබූ අක්කර භාගය ප්‍රමාණයෙ ගංජා හේනක් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ති‌බේ.

මෙම ගංජා හෙනේ උස අඩි හයකට ආසන්න උසකින් සරුවට වගා කර තිබූ ගංජා පැල හාරදහසකට වඩා තිබී ඇති බවයි වාර්තා වන්න‌ේ.

එහි වටිනාකම රුපියල් ලක්ෂ දහයකට අධික බව පොලිසිය පවසයි.

මෙහිදී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හම්බෙගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version