හස්ත කර්මාන්ත ශිල්පීන්ට රක්ෂණාවරණයක්

හස්ත කර්මාන්ත ශිල්පීන්ට රක්ෂණාවරණයක් හඳුන්වාදීම පිළිබඳව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ අවධානය යොමු වෙයි.

ඒ පිළිබඳව ඉදිරි කටයුතු සොයා බැලීමට අදාළ පාර්ශ්වයන්ට යෝජනා කරන බවද ජනාධිපතිතුමා සඳහන් කළේ ‘ශිල්ප අභිමානී 2017’ ජාත්‍යන්තර හස්ත කර්මාන්ත උළෙලේ සමාරම්භක අවස්ථාවට (04) පස්වරුවේ එක් වෙමිනි.

තිරසාර පැවැත්ම උදෙසා හෙළ අත්කම් පෝෂණය කිරීම හා සංරක්ෂණය කිරීමේ අරමුණින් ජාතික ශිල්ප සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර හස්ත කර්මාන්ත උළෙල ලබන 08 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වේ.

විදේශ වත්කම් ඉහළ නැංවීමේදී දේශීය නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් සහ ප‍්‍රමුඛත්වයක් දක්වමින් කටයුතු කිරීමට රජය සැලසුම්කර තිබෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

Exit mobile version