ගිලා බැසිමට ලක් වි ඇති හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරේ

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසු ගිය මාසයේ අඛණ්ඩව ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ගිලා බැසිමට ලක් වි ඇති හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටස ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

පැවති අධික වර්ෂාවත් සමඟ එම මාර්ගයේ විශාල කොටසක් ගිලා බැසිම හේතුවෙන් එම ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක මං තිරුවකට පමණක් සිමා කර ඇත.

නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාල මගින් එම ගිලා බැසිමට ලක් වු මාර්ගයේ කොටස ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

එම ප්‍රතිසංස්කරණ කටයුතු දින කිහිපයක් තුල සිදු කර එම මාර්ගයේ මං තිරු දෙකේම රථ වාහගමනාගමනය සදහා මාර්ගය විවෘත කරන බවයි නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු කියා සිටියේ.

Exit mobile version