ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු 6 ක් ඉවත් කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු කිහිප දෙනෙකු ඉවත් කර තිබේ.

සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි, ටී.බී ඒකනායක, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරුද නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරවලින් ඉවත් කළ පිරිස අතර වන බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ ආසන බල මණ්ඩල පිහිටුවිමට පියවර නොගත් සංවිධායකරු එම ධුරවලින් ඉවත් කිරිමට පක්ෂ මධ්‍යමකාරක සභාවේදී තීරණය වූ බවයි.

Exit mobile version