එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට සහාගීවීම සඳහා ජනපති අද අම‌ෙරිකාවට

එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සමුළුව ඇතුළු රාජ්‍ය උත්සව රැසකට සහාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22 දා) අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්වේ.

ඒ අනුව 24 වැනි දා ලෝක මත්ද්‍රව්‍ය ගැටලුව පිළිබඳ ගෝලීය ක්‍රියාමාර්ගයන් සඳහා වූ හමුවට එක්වේ. අනතුරුව එදිනම නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවේ සමාරම්භක අවස්ථාවට ද ජනාධිපතිවරයා එක්වන අතර, එම සමුළුව ඇමතීමට ද නියමිතය. රාජ්‍ය නායක සමුළුව ඇරැඹෙන පළමු දිනයේම එම සමුළුව ජනාධිපතිවරයා විසින් ඇමතීම ද විශේෂ කරුණක් වනු ඇත.

26 වැනි දා ජනාධිපතිවරයා ක්ෂය රෝගය පිළිබඳ විශේෂ වැඩසටහනකට එක්වන අතර, ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව අරමුදලක් පිහිටුවීමේ ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එක්වේ.

27 වැනි දින ජාත්‍යන්තරය බෝ නොවන රෝග වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයන්හි සාර්ථකත්වය විමසා බැලීමේ සාකච්ඡාවකට එක්වන අතර, එම අවස්ථාවේ දී ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් ද සිදුකිරීමට නියමිතය. 28 වැනි දා මත්ද්‍රව්‍ය භාවිතයේ අයහපත් ප්‍රතිඵල පිළිබඳ වැඩසටහනට ද එක්වේ.

Exit mobile version