එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ජනපති අමතයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කළේ ය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප‍්‍රධාන සැසිය ඊය‌ේ (25) දින පස්වරුවේ නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ දී අභිමානවත් අයුරින් ආරම්භ විය.

ලෝකයම බලා සිටින ජගත් සමුළුව මෙවර “එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම” තේමාව යටතේ පැවැත්වෙයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ශ‍්‍රී ලංකා වේලාවෙන් අද (26) අලුයම 1.30 ට පමණ සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කළ අතර ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිව්වන අවස්ථාව මෙයයි.

මෙම ප‍්‍රධාන සැසියට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ඇතුළු ලෝක රාජ්‍ය නායකයින් රැසක් එක්ව සිටියි.

Exit mobile version