ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි ටෙස්ට් තරඟයේ පළමු ඉනිමට ලකුණු 482ක්

පාකිස්තානය සමඟ පැවැත්වෙන දෙවෙනි ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණූ 482 ක් රැස් කර ගැනීමට සමත් විය.

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දිමුත් කරුණාරත්න පන්දු 405කදී ලකුණු 196ක් ලබා සිටියදී දැවී ගියේය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 62යි.

482ක ඉලක්කයක් හඹා යන පකිස්තාන කණ්ඩායමට ඊයේ (07) දිනය නිමා වන විට පළමු ඉනිම සඳහා කිසිවෙක් නොදැවී පන්දු වාර 18ක් තුළ ලකුණු 51ක් ලබා ගෙන සිටියි.

 

 

Exit mobile version