ජනපති එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ 73 වැනි මහ සමුළුවට එක්වීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්ත‌ෝනිය‌ෝ් ගු‌ටේරස් මහතා අතර හමුවක් පැවැතියේ ය.

මෙම හමුව ඊයේ (28දා) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ දී පැවැත්විණි.

Exit mobile version