නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ගැන පරීක්ෂණය විනිවිදභාවයකින් සිදුකරනවා – නලීන් බණ්ඩාර

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ විනිවිදභාවයකින් යුතුව සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාෂ කළේ එම විමර්ශන කටයුතු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

තවද ඉදිරි දින කිහිපය තුළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version