නෝර්වේ නිල සංචාරය සඳහා අගමැති අද දිවයිනෙන් පිටත්ව යයි

නෝර්වේ හා එංගලන්ත සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) දිවයිනෙන් පිටත්ව යයි.

අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී නෝර්වේ අග්‍රාමාත්‍ය අර්නා සෝල්බර්ග්, එරට ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනී හා විදේශ ඇමතිවරයා හමුවීමට නියමිත ය.

නෝර්වේ සංචාරයෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමට නියමිත අතර එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය හමුවීමට සැලසුම් කර තිබේ.

Exit mobile version