මෙරට ජනතාවට අනාගතය පිළිබඳ සිතා තීන්දු තීරණ ගැනිමට කාලය පැමිණ ඇත

රටට අවශ්‍ය මත්ද්‍රව්‍ය තැබෑරුම් වලින් පිරි අනාගතයක් ද නැත්නම් දුගී දුප්පත් අසරණ ජනතාවග‌ේ අනාගත බලාප‌ොර‌ොත්තු ඉටුවන සංවර්ධන යුගයක් ද කියා ම‌ෙරට දරු පරපුර ගැන සිතා තීන්දු තීරණ ගැනීමට ජනතාවට කාලය පැමිණ ඇති බව අමාත්‍ය සජිත් ප්‍ර‌ේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා ‌මේ බව සඳහන් කළ‌ේ, හම්බන්ත‌ොට දිස්ත්‍රික්කය‌ේ, තිස්සමහාරාම, ය‌ෝධකණ්ඩිය ශ්‍රී ද‌ේවානන්ද මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 35ක් වටිනා නවීන බස් රථයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී ‌වෙමිනි.

 

Exit mobile version