පූනෑව නාවික හමුදා කඳවුර අසලින් අත්බෝම්බ දෙකක්

පූනෑව ප්‍රදේශයේ ජනතාවට ජලය ලබාදීම සඳහා මේ දිනවල කොන්ත්‍රාත් සමාගමක් විසින් ජල නල පද්ධතියක් එලීමේ කටයුතු සිදු කෙරෙන අතර එසේ සේවකයින් පිරිසක් පූනෑව නාවික හමුදා කඳවුර ආසන්නයෙන් මෙම ජල නල පද්ධතිය එලමින් සිටියදී නාවික හමුදා කඳවුර මීටර් 300 ක් පමණ ආසන්නයෙන් පිහිටි බෝක්කුවක් තුළ අත් බෝම්බ දෙකක් හමු වී ඇත.

පසුව එම සේවකයින් පිරිස විසින් ඒ බව මැදවච්චිය පොලීසියට දැනුම් දීමෙන් පසුව මැදවච්චිය පොලීසියෙන් අදාළ ස්ථානයට පැමිණ අත්බෝම්බ දෙක රැගෙන ගොස් අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායට ලබා දීමට පියවර ගෙන තිබේ.

Exit mobile version