ඌව පළාතට මාස ගනනාවක් පැවති දැඩි නියං කාළගුණය හමාර කරමින් මේ දිනවල වැසි ඇඳ හැලෙමින් පවතින අතර එම නිසා ඌව පළාතේ පවතින දියඇලි රැසක ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඌව පළාතේ දියඇලි වන විශේෂයෙන්ම රාවණා, දියලුම සහ දුන්හිඳ යන දිය ඇලි වල ජල මට්ටම මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
ඊට අමතරව සවස් කාලයේ දී කදුකර ප්‍රදේශවලට තද වැසි ලැබුණහොත් දියඇලි වල ජල මට්ටම එක් වරම ඉහළ යා හැකි බැවින් දියඇලි ආසන්නයට ගොස් ජායාරූප ලබා ගැනීම, දියඇලි ආසන්නයේ ගල් මත ඇවීදීම සහ දියඇලි වල ඉහළට ගමන් කිරීමෙන් වලකින ලෙස ආපදාකළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.
ඊට අමතරව පසුගිය නියං කාලගුණය පැවති සමයේ කැලෑ ගිනි විශාල වශයෙන් ඇති වූ කදු ආශ්‍රිතව නායයෑම් අවදානම ඉතාමත්ම ඉහළ බැවින් එම ස්ථාන වල රැදී සිටීමෙන් වලකින ලෙසටද ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියි.