පාකිස්ථානයෙන් රාජ්‍ය නොවන සංවිධාන 18කට නියෝගයක්

රාජ්‍ය නොවන සංවිධාන 18කට රටින් පිටව යන්නැයි පකිස්ථාන රජය නිවේදනය කර තිබේ.

සිය මෙහෙයුම් අවසන් කර දින 60ක් ඇතුළත රටින් පිටවන ලෙස පාකිස්ථානය එරට කි‍්‍රයාත්මක රාජ්‍ය නොවන සංවිධාන වලට දැනුම්දි තිබේ.

අධ්‍යාපන ප්‍රවර්ධනය, දරිද්‍රතාවය පිටුදැකීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ රාජ්‍ය නොවන සංවිධාන 18කට එලෙස රටින් පිට වන්නැයි නියෝග කළ බවයි පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසන්න‌ේ.

Exit mobile version