අන්තර්ජාතික සමුළුව මේ මස 11- 12 දිනයන් හිදී

ඉන්දියන් සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ට හා එම සාගරය විශාල වශයෙන් භාවිත කරන රටවල්ට පොදු වු අ‍භිලාෂයන් හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරිම සඳහා ”ඉන්දීයානු සාගරය – අපගේ අනාගතය නිර්වචනය කිරිම” යන මැයෙන් වූ අන්තර්ජාතික සමුළුව ‌මේ මස 11-12 දින පැවැත්‌වේ.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දි පැවැත්වෙන බවයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ.

”ඉන්දීයානු සාගරය – අපගේ අනාගතය නිර්වචනය කිරිම” යන මැයෙන් වූ අන්තර්ජාතික සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම සමුළුව අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ, ගෝලීය සාමුද්‍රික අපරාධ වැඩසටහන හා එක්ව සංවිධානය කෙරේ.

Exit mobile version