ජපන් ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ සුහද හමුවට ජනපති එක් වෙයි

ජපාන ශ‍්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන් සමග එක්ව (05)දින කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී පැවැත්විණි.

මෙම සුහද හමුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය.

ගරු ජනාධිපතිතුමා පසුගියදා ජපානයේ කළ සංචාරයේ දී එතුමා මුණගැසුණු එරට වෙසෙන ලාංකීය වාහනකරුවන් ශ‍්‍රී ලංකාවට වාහන ගෙන්වීමේ දී වාහනකරුවන් මුහුණ දෙන ගැටලු සහ වාහන ආශ‍්‍රිතව ශ‍්‍රී ලංකාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් වන ඔවුන්ගේ අදහස් යෝජනා ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලදී.

එම අදහස් සහ යෝජනා මුදල් අමාත්‍යාංශය සහ අයවැය සම්පාදනයේ දී සලකා බැලීම සඳහා ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා ගත් පියවර විශේෂයෙන් අගය කර ජපාන ශ‍්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය ජනාධිපතිතුමා වෙත විශේෂ ඇගයුම් සම්මානයක් ද පිරිනැමුවේය.

Exit mobile version