අයහපත් කාළගුණය හේතුවෙන් මියගිය ගණන 07 දක්වා ඉහළට – ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

අධික වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් මියගිය ගණන මේ වන විට 07 දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
රට පුරා ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල කලුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල පවුල් 2313ක පුද්ගලයෝ 8289ක් පීඩාවට පත්ව සිටිති.
වැසි සහිත තත්ත්වය සහ නායයාම් හේතුවෙන් මේ වන විට නිවාස 100කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබේ.
නිල්වලා, කළු, ගිං සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් මේ වනවිට පහත බසිමින් පවතින බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.
Exit mobile version