නාමල් කුමාර සහ නාලක ද සිල්වා අධිකරණයට – විදේශගත වීම තහනම් කරයි

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දුෂණ විරෝධි බලකාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කැඳවා තිබේ.

එහිද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ම‌ෙන‌ෙවිය නියෝග කර ඇත්තේ අධිකරණයේ අවසරයකින් තොරව මොවුන් දෙදෙනාට විදේශගත වීමද තහනම් කළ බවයි.

එමෙන්ම මොවුන් දෙදෙනාගේ කට හඩ පරීක්ෂණ වාර්තා කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරිය රජයේ රස පරීක්ෂක වෙත නියෝග කර ති‌බේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැළැස්මක් පිළිබඳව නාමල් කුමාර සිදු කළ අනාවරණයට අනුව අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

Exit mobile version