අතුරුදන් වූ ජාත්‍යන්තර පොලීසියේ ප්‍රධානියා චීන රැඳවුම් භාරයේ

අතුරුදන් වූ බවට සැක පළ කෙරුණු ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසියේ ප්‍රධානි මෙන්ග් හොංවෙයි තමන් විසින් රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව චීනය තහවුරු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහු විසින් සිදුකර ඇතැයි පැවසෙන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චීන දූෂණ විරෝධි ආයතනය මෙලෙස රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බවයි.

චීනය බලා පිටත්ව ගිය අතර තුර ඔහු අතුරුදන්ව ඇතැයි ඔහුගේ බිරිඳ විසින් පසුගියදා ප්‍රංශ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

Exit mobile version