ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, අයගම යන ප්‍රදේශ සඳහා මෙම නායයෑමේ නිවේදනය නිකුත් කර තිබේ.

මෙම ප්‍රදේශවල සිටින ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස  ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version