ගෝඨාභය ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) උදෑසන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණ තිබේ.
ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරිමේදි පසුගිය රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 07 දෙනෙකුට එරෙහි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබේ.
එසේම එම නඩුව පසුගිය සැප්තැම්බර් 10 වැනිදා කැඳවු අතර එහිදි ඔවුන්ට ඇප ලබා දිමට නියෝග කර වැඩිදුර නඩු විභාගය අද (09) දිනය දක්වා කල් තැබුණි.
Exit mobile version