සෞදි මාධ්‍යවේදියා මරාදමා අැති බව තුර්කිය පවසයි

තුර්කියේ ඉස්තාන්බුල් නුවර අරාබි තානාපති කාර්යාල ගොඩනැගිල්ලට අැතුළු විමෙන් පසු මාධ්‍යවේදි ජමාල් කාෂෝගී තානාපති කාර්යාලය තුලදි මරාදමා අැති බව පරීක්ෂණ වලදි තහවුරු වු බව තුර්කි මාධ්‍ය වාර්තා කර තිබේ.

සෞදි රජය සහ සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන්ව දැඩිව  විවේචනය කරන බව පැවසු කෂෝගී පසුගිය අඟහරුවාදා සිට අතුරුදන් වි අැත.

එම චෝදනා සියල්ල පදනමි විරහිත බවත්, තවදුරටත් කෂෝගි පිළිබඳ විමර්ශන සිදු කරන බව සෞදි තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

Exit mobile version