රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11) පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබේ.

පසුගිය පළමුවන දින ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදීසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් රොනී ලීච් මහතා අභාවප්‍රාප්ත විය.

මියයන විට 65 වන වියේ පසුවූ රොනී ලීච් මහතාගේ දේහය ඊයේ (10) දහවල් දිවයිනට රැගෙන ආ අතර මේ වන විට දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

Exit mobile version