”ඉන්දියානු සාගරය” සමුළුව අද කොළඹදී

ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගරය විශාල වශයෙන් භාවිත කරන රටවලට පොදු වූ අභිලාෂ හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කොට ගත් “ ඉන්දියානු සාගරය : අපගේ අනාගතය නිර්වචනය කිරීම” සමුළුව අද (11) කොළඹ අරලියගහ මන්දිරයේ දී ආරම්භ වෙයි.

මෙම සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පවත්වනු ලබන අතර ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පවත්වනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සාගරය පිළිබඳ විශේෂ නියෝජිත තානාපති පීටර් තොම්සන් මහතාද සමාරම්භක සැසිවාරය ඇමතීමට නියමිතයි.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවලට සහ එම සාගරය බහුලව භාවිත කරන රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටළුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම හා සියලු දෙනාගේ යහපතට හේතුවන පරිදි අවබෝධාත්මක ලෙස කටයුතු කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි.

Exit mobile version