දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව අද (15) නිකුත් කළ නි‌වේදනයේ දැක්ව‌ෙයි.

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි වැසි ඇතිවිය හැක.

මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ද ඇති විය හැක.

Exit mobile version