ජමාල්ගේ අතුරුදන්වීම ගැන ට්‍රම්ප් සහ සල්මාන් අතර සාකච්ඡාවක්

මාධ්‍යවේදී ජමාල් කශ‌ෝජිග‌ේ අතුරුදන්වීම සම්බන්ධය‌ෙන් තමන් ස‌ෞදි අරාබිය‌ේ සල්මාන් රජු සමඟ සාකච්ඡා කළ බව අම‌ෙරිකා ජනාධිපති ඩ‌ොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු සඳහන් කළ‌ේ, අදාළ මාධ්‍යවේදියාග‌ේ අතුරුදන්වීම සම්බන්ධය‌ෙන් එල්ල වන ච‌ෝදනා සියල්ල ප්‍රතික්ෂ‌ේප කරන බව ස‌ෞදි රජු පැවසු බවයි.

ඇම‌ෙරිකා ජනාධිපති ඩ‌ොනල්ඩ් ට්‍රම්ප් සහ ස‌ෞදිය‌ේ සල්මාන් රජු විනාඩි 20කට ආසන්න කාලයක් දුරකථනය ඔස්ස‌ේ ජමාල් කශ‌ෝජිග‌ේ අතුරුදන් වීම සම්බන්ධය‌ෙන් සාකච්ඡා කර තිබේ.

පසුව මාධ්‍ය ව‌ෙත අදහස් දක්වමින් ට්‍රම්ප් සඳහන් කළ‌ේ, ස‌ෞදි රජු සල්මාන් බින් අබ්දුල් අසිස් හමුවී ‌මේ සම්බන්ධය‌ෙන් සාකච්ඡා කිරීම සඳහා ඇම‌ෙරිකානුු රාජ්‍ය ල‌ේකම් මයික් ප‌ොම්ප‌ේ එරට යවන බවයි.

තුර්කිය‌ේ පිහිටි ස‌ෞදි අරාබි ක‌ොන්සාල් කාර්යාලයට ඇතුලු වු මාධ්‍යවේදී ජමාල් කශ‌ෝජි සති ද‌ෙකක සිට තවමත් අතුරුදන්ව සිටියි.

තුර්කි ආරක්ෂක අංශ සඳහන් කළ‌ේ, ස‌ෞදි ක‌ොන්සාල් කාර්යාලය තුළදී ඔහු ඝාතනය කර ඇති බවයි.

Exit mobile version