ශ්‍රී ලංකා අගමැති ෆින්ලන්ත සෞඛ්‍ය අමාත්‍යවරිය හමුවෙයි

ෆින්ලන්තයේ නිල සංචාරයක නිරතව සිටින අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට සමාජ කටයුතු හා සෞඛ්‍ය අමාත්‍යවරිය හමුවී සාකච්ඡා පවත්වා තිබේ. ෆින්ලන්තය සිය නිදහසේ සියවන වසර සමරන වකවානුවේ ශ්‍රී ලංකා අග්‍රමාත්‍යවරයාගේ පැමිණීම විශේෂයෙන් අගය කරන බව ෆින්ලන්ත අමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කර ඇත.

සංවර්ධනය හා ව්‍යවසාය ක්ෂේත්‍රයන් තුළ දෙරට අතර සබඳතා තවදුරටත් පුළුල් හා ශක්තිමත් කරලීමට පියවර ගත යුතු බව ෆින්ලන්ත සමාජ කටයුතු හා සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.

Exit mobile version