ලොව දෙවන යෝධයත් ලංකාවට

ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන ඇන්ටනොවූ AN 124 ගුවන්යානය අද (17) දහවල් මත්තල ගුවන්තොටුපොළට පැමිණ තිබේ.

සෞදි ආරාබියේ Prince Sulta‍ ගුවන්තොටුපොලේ සිට ඉන්දුනීසියාව දක්වා ගමන්කරන අතරතුර 19 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩල විවේකය සඳහා මෙන්ම ඉන්ධන ලබා ගැනීම සඳහා මෙම ගුවන්යානය මෙසේ මත්තලට ගොඩ බස්සවා තිබේ.

මෙම ගුවන් යානය 18 වනදා අලුයම් 3.30 ට  ඉන්දුනීසියාව දක්වා නැවත මෙම ගුවන්යානය ගමන් කිරීමට නියමිතය.

Exit mobile version