විජයකලාට අදාළ පැමිණිල්ල යළිත් කැඳවයි

යාපනය ප්‍රදේශයේ දී කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු බවට සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට අදාළ පැමිණිල්ල නැවත දෙසැම්බර් මස 7 වනදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(19) නියම කළේය.

එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ ලැබුවේය.

එහිදී පැමිණිල්ල මෙහෙයවන සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන් කර වාර්තාව සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.

Exit mobile version