ඛෂෝගි සොයා මෙහෙයුමක්

තුර්කි පොලීසිය අතුරුදන් වූ සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි සොයා ඉස්තාන්බුල් නුවර කැළෑ ප්‍රදේශයක් හා වෙරළ ආශ්‍රිත ප්‍රදේශයක විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.

ඒ, නිර්ණාමිකව තුර්කි බලධාරියෙකු ඔහුගේ සිරුර ඉස්තාන්බුල් නුවරට යාබද කැළෑ ප්‍රදේශයක තිබෙන බවට ප්‍රකාශ කිරීමෙන් පසුය.

මීට සති දෙකකට පෙර තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් අනතුරුව මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි අතුරුදන් විය.

තුර්කි මාධ්‍ය ඊයේ (18) වාර්තා කළේ හිස ගසා දමා ජමාල් ඛෂෝගි ඝාතනය කර ඇති බවටය.

Exit mobile version