ගම්පොල රිය අනතුරකින් අයෙකුට තුවාල

අද (22) උදැසන 9.30 ට පමණ නාවලපිටියේ සිට මාවෙල හරහා පුස්සැල්ලාව දක්වා ධාවනය වු වෑන් රථයක් සහ මාවෙල සිට ගම්පොල දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් අනතුරක් සිදු වී අැත.

මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් රියදුරා තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කල බවයි ගම්පොල පොලිසිය පැවසුවේ.

අධික වේගයෙන් ධාවනය වි ඇති වෑන් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන ගම්පොල පොලිසිය කියා සිටින්නේ.

අනතුරෙන් වෑන් රථයට ද දැඩි අලාභ හානි සිදු වි ඇත.

Exit mobile version