වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්

නැගෙනහිර පළාතේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (26) දිනයේදී අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේනතුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති වේ.

Exit mobile version