යතුරුපැදියක් මතට ගසක් කඩාවැටී පුද්ගලයෙකු මරුට

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කුරුවිට, ඒදණ්ඩවල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් මතට ගසක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව‍යි.

මියගොස් ඇත්තේ පැල්මඩුල්ල, පාතකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version