ලයන් එයාර් සොයා මෙහෙයුමක්

ඉන්දුනීසියාව ආසන්න මුහුදට කඩා වැටුණු ලයන් එයාර් යානය සෙවීම සඳහා ඩ්‍රෝන් සහ සෝනාර් තාක්ෂණය යොදා ගනිමින් සිටින බව වාර්තාවේ. එහි මගීන් 189ක් සහ කාර්ය මණ්ඩලය ද යානය කඩා වැටෙන අවස්ථාවේ සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජකාර්තා සිට ගුවන්ගතවූ JT 610 යානය විනාඩි කිහිපයකට පසු මෙසේ කඩා වැට් අැති අතර, මේ වනවිටත් යානයේ සිටි අයගෙන් කිසිවෙකුත් දිවි බේරාගෙන නොමැති බව වාර්තාවේ.

කෙසේ වෙතත්, යානය කඩා වැටුණු ප්‍රදේශයේ මගීන්ට අයත් බඩුබාහිරාදිය සාගරයේ පාවෙමින් තිබියදී සොයාගැනීමට හැකිවී තිබේ.

යානය කඩා වැටීමට හේතුව හදුනාගෙන නොමැති අතර බාලි සිට ජකාර්තාව වෙත යානය පියාසර කිරීමේදී එහි යම් තාක්ෂණික දෝෂයක් පැවති බවට ලොග් සටහන්වල පැවති බව සඳහන් වෙයි.

නමුත් ලයන් එයාර් ප්‍රධාන විධායක එඩ්වර්ඩ් සිරාටි පවසා සිටියේ යානය ගුවන්ගත වීමට පෙර ඊට අවශ්‍ය අලුත්වැඩියාවන් නිවැරදිව සිදුකළ බවයි.

Exit mobile version