ලොව උසම ප්‍රතිමාව ඉන්දියාවේ

දැනට ලොව උසම ප්‍රතිමාව ලෙස නිර්මාණය කර තිබෙන ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙක්වූ සර්දාර් පටේල් මහතාගේ ප්‍රතිමාව එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් විවෘත කරනු ලැබිය.

මෙම ප්‍රතිමාව සඳහා ඉන්දීය රුපියල් බිලියන 29.9ක වැයවි අැති අතර ප්‍රතිමාව මීටර් 182ක උසකින් යුක්තවන බව ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුජරාට් ප්‍රාන්තයේ නර්මදා නදී ගං ඉවුරේ ඉදිකළ මෙම ප්‍රතිමාව ඉන්දියාවේ ප්‍රධාන සංචාරක ආකර්ශණයක් ගනු අැති බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසා තිබේ.

Exit mobile version