රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ජනපතිට ලිපියක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් නව රජයේ සෞඛ්‍ය අමාත්‍යධූරය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට ලබා නොදෙන ලෙස දන්වා තිබේ.

එම ඉල්ලීමට ඇහුම්කන් නොදී එවැනි පත් කිරීමක් සිදුකලහොත් ඒ මොහොතේ සිටම නැවත දැනුම්දීමකින් තොරව සමස්ථ දිවයිනම ආවරණය වන වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ද එම සංගමය එම ලිපිය තුල සඳහන් කර අැත.

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගේ ක්‍රියාකාරීත්වයට විරෝධය පා දිවයින පුරා සිටින සමස්ථ වෛද්‍යවරුන්ගේ අත්සනින් යුත් පෙත්සමක් ජනාධිපතිවරයා වෙත බාර දීමට අවශ්‍ය වැඩ කටයුතු සිදු කර අවසන් බව ද මෙම ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version