ආණ්ඩුවේ සමගි බලය හෙට කොළඹදී

හෙට (05) දින කොළඹ දී නව ආණ්ඩු පක්ෂයේ සමගි බලය පෙන්නුම් කිරීමේ ප්‍රචාරක උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත් විමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු පරිශ්‍රය ආශ්‍රිතව හෙට පස්වරුවේ එම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට පසුගියදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර අැත.

අාණ්ඩුවට ජනතාවගේ කැමැත්ත ප්‍රදර්ශනය කිරීමටත්, නව ආණ්ඩුවට සහය පලකිරීමත් මෙම උද්ඝෝෂණය පැවැත්විමේ මුලික අරමුණ වන බව ශ්‍රිලනිප කෘත්‍යාදිකාරි මණ්ඩලය පැවසීය.

 

Exit mobile version