පාර්ලිමේන්තුව අවට හෙට විශේෂ රථවාහන සැලැස්මක්

පාර්ලිමේන්තුව අවට මාර්ගවල හෙට දහවල් 12 සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර තිබේ.

ඒ හෙට (05) දින ආණ්ඩුවට සහය පළ කරමින් පැවැත්වීමට නියමිත රැළියක් හේතුවෙන් වන අතර සිදු වන අවහිරතා වළකා ගැනිමට විකල්ප මාර්ග භාවිත කිරීමට පියවර ගන්නා ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දි තිබේ.

 

 

Exit mobile version