අධික වේගයෙන් අා ජිප් රිය පස් කන්දක ගැටෙයි

කොළඹ සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වු ජිප් රථයක් පස් කන්දක හැපි මාර්ගය හරහා පෙරලිමෙන් ජිප් රථයේ ගමන් ගත් එක් අයෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

අද(05) අලුයම 5.15 පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ස්ටැඩන් වත්ත
ප්‍රදේශයේදිය.

දිපාවලි උත්සවය සඳහා සහභාගීවිමට කොළඹ සිට හැටන් බගවන්තලාව දක්වා ධාවනනය කරමින් තිබු මෝටර් රථයක් මෙසේ අනතුරට ලක්වී අැත.

අනතුර සිදුවන අවස්ථාවේ තරුණයින් තිදෙනෙක් මොටර් රථයේ සිට තිබේ.

අනතුරෙන් ජිප් රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇත. අනතුර පිලිබඳව හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

Exit mobile version