චීනයේ ලොරි රථ එකිනෙක ගැටීමෙන් 15ක් මරුට

වයඹදිග චීනයේ මාර්ගයක ගෙවීම් කවුන්ටරයක් අසලදී ලොරි රථයකට වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගන්සූ පළාතේ, අගනගරය ලෙස සැලකෙන ලොන්සූ හි මාර්ගයක මෝටර් රථ පෙළක් මාර්ගයේ ගෙවීම් කවුන්ටර පොලිමේ සිටියදී පාලනය කරගත නොහැකිව පැමිණි ලොරිය එහි ගැටී තිබේ.

එම අනතුරින් තවත් පුද්ගලයන් 44 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, රථ වාහන රැසකට අලාභානි සිදුව ඇති බවත් විදෙස් වාර්තා පැවසීය.

Exit mobile version