ඕනම මැතිවරණයකට සූදානම්

පළාත් සභා මැතිවරණයට අදාළ නිලධාරී සංගණනය ආරම්භ කර තිබෙන නිසා නීත්‍යානුකූලව පැවැත්වෙන ඕනෑම මැතිවරණයට සූදානම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේ වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛණය සහතික කර තිබේ.

මේ දිනවල පරිපූරක ලැයිත්තුවට අභියාචනා ගැනීම ආරම්භ කර ඇත.

පරිපූරක ලැයිස්තුව මේ මස 16 දා සහතික කර සමස්ත ජන්ද දායකයින් ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.

Exit mobile version