රාජිතට එරෙහිව වෛද්‍යවරු 14,000 ක අත්සන්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අත්සන් 14,000 ක පෙත්සමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී තිබේ.

ඊයේ (07) පස්වරුවේ ජනාධිපති ලේකම්වරයා හරහා මෙම පෙත්සම ජනාධිපතිවරයා වෙත භාරදුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න පසුගිය කාලයේ කටයුතු කිරීමේදී විවිධ වංචා දූෂණ සිදුව ඇති බව සහ ඊට අදාළව පරීක්ෂණයක් සිදුකරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා සිටි බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේය.

Exit mobile version