අගමැති අපේක්ෂකත්වය සජිත්ට දීමට රනිල් එකඟ වෙයි ?

මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ද ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීම කෙරෙහි පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊයේ (10) පැවති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා වී තිබේ.

එම රැස්වීමේදී ඉදිරි මහ මැතිවරණයට පුළුල් පෙරමුණකින් ඉදිරිපත්වීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇති අතර එහිදී මහ මැතිවරණය ගැන පමණක් නොව ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරය ගැන ද අවධානය යොමුකර තීන්දු තීරණ ගැනීමේ අවශතාවය කෙරෙහි අවධානය යොමු වී තිබේ.

එම පුළුල් පෙරමුණට එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය, ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොන්ග්‍රසය, රිෂාඩ් බදියුදීන්ගේ පාර්ශවය හා වික්‍රමබාහු පාර්ශවය අයත් බව වාර්තා වේ.

Exit mobile version