ජනතා සේවක පක්ෂයත් පොහොට්ටුවට

ජනතා සේවක පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නියම්ත බව ජනතා සේවක පක්ෂය පැවසීය.

ඉදිරි මැතිවරණය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම ඊයේ (11) අාරමිභ වු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම්ගත වී සිටින නිසා ඉදිරි මැතිවරණය සදහා අපේක්ෂකයන් එම පෙරමුණේ කෝටාවක් ලෙස ඉදිරිපත් කිරිමට නියම්ත බවත් එම පක්ෂයේ නායක ජයන්ත විජේසිංහ මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ එම පක්ෂ නිර්මාතෘ අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතා වෙනුවෙන් ඊයේ (11) සෝමවංශ අමරසිංහ පදනම ආරම්භ කිරිමට සහභාගිවෙම්නි.

Exit mobile version