ජපානයට යන ශ‍්‍රමිකයන්ට ස්ථිර පදිංචි අවස්ථා

ජපානයේ වෘත්තීය රැකියා සඳහා යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශ ශ‍්‍රමිකයන් සඳහා ස්ථිර පදිංචි අවස්ථා ලබාදීමට ජපාන රජය තීරණය කර තිබේ.

ජනගහනයේ අඩුවීම හා වයස්ගත ජනගහනය ඉහළයාම හේතුවෙන් ජපන් රජය මෙම තීරණයට එළඹ ඇති බවයි විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙම වැඩපිළිවෙල එළැඹෙන අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

කෘෂි, හෙද, සාත්තුසේවක, ආහාර පාන නිෂ්පාදනය, ඉදිකිරීම් සහ ආගන්තුක සත්කාර ටඇතුලු ක්ෂේත‍්‍රවල රැකියා සඳහා පැමිණෙන විදේශිකයන්ට ජපන් රජයෙන් මෙම නේවාසික පහසුකම් හිමිවෙයි.

Exit mobile version