රෝස පාට දියමන්තිය අද වෙන්දේසියේ

දුර්ලභ ගණයේ රෝස පැහැ දියමන්තියක් අද (13) දිනයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි වෙන්දේසියකදී වාර්තාගත මිලකට අලෙවි වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

එම දියමන්තිය අමෙරිකානු ඩොලර් මිලියන 50 ක පමණ මිලකට වෙන්දේසි වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කැරට් 19 වර්ගයේ මෙම රෝස පැහැ දියමන්තිය මීට වසර 100 කට පමණ පෙර දකුණු අප්‍රිකාවේ පතලකින් සොයාගෙන තිබූ බව සඳහන් වේ.

මෙම රෝස පැහැ දියමන්ති වර්ගය අතිශය අලංකාර හා අනර්ඝතම දියමන්ති වර්ගයක් ලෙස සැලකේ.

Exit mobile version