මත්පැන් ජාවාරමේ නිරත තරුණයන් 2ක් දැලේ

අරණායක දෙයියන්වල උදයපුර රක්ෂිතය ප‍්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ නිරතව සිටි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උදයපුර රක්ෂිතය තුළ පිහිටි ගල් ගුහාවක ඔවුන් මෙම ජාවාරම සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

සැකකරුවන් ලග තිබි නීතිවිරෝධී මත්පැන් සහ භාණ්ඩ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Exit mobile version